දේශපාලන
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දේශපාලන දර්ශනය හා භාවිතය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විය. ආර්ථිකමය ලෙස සමාජවාදී මූලධර්මය මත පදනම්ව සම්පත් බෙදීයාමේ අවශ්‍යතාවය අවධාරණය කළ අතර දේශපාලනික ලෙස ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රම, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයන් කෙරෙහි විශ්වාසය තැබීය. බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය වරයාගේ මෙම දේශපාලන දර්ශනය ව්‍යවස්ථාදායක සභිකයෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු, විපක්ෂ නායකවරයෙකු සේම අග්‍රාමාත‍්‍ය වරයෙකු ලෙසද ක්‍රියාවේ යොදන ලදී. සිංහල මහා සභාෙව් සභාපතිවරයා ලෙස ජාතික ව්‍යාපාරය තුළ කැපී පෙනෙන චරිතයක් වූ බණ්ඩාරනායක මහතා 1931-1936 දක්වා ප්‍රථම රාජ්‍ය මණ්ත්‍රණ සභාවට මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ අතර, 1936-1946 දක්වා දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ පළාත් පාලන අමාත්‍ය වරයා ලෙසද ක්‍රියා කරන ලදී.
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම කැබිනට් මණ්ඩලය තුළ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ බණ්ඩාරනායක මහතා 1951 දී ස්වකීය අමාත්‍ය ධුරයෙන් ඉවත්ව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිපත්තිය කර ගත් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. බණ්ඩාරනායක මහතා 1952 දී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධූරයට පත්විය. අනතුරුව 1956 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කොට නිදහස් ශ්‍රී ලංකාවේ සිව්වෙනි අග්‍රාමාත්‍යවරයා බවට පත් විය. 1956 න් පසු බණ්ඩාරනායක පාලන සමය තුළ ජනසතු ව්‍යාපාර බිහිකිරීම, නව රාජ්‍ය සංස්ථා ආරම්භ කිරීම, දේශීය භූමිය තුළ ක්‍රියාත්මක වූ විදේශීය හමුදා කඳවුරු ඉවත් කිරීම, නව භාෂා ප්‍රතිපත්තියක් හඳුන්වා දීම, නව දේශීය සංස්කෘතියක්, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කිරීම ආදී දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ලෝක දේශපාලනය තුළද" නොබැඳි හා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් බටහිර මෙන්ම නැගෙනහිර සමඟද සබඳතා පුළුල් කරනු ලැබීය.