රාජ්‍ය මන්ත්‍රණ සභාව (1931-1946)
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙරට දේශපාලනයේ ක්‍රියාත්මක වු විවිධ ජාතික ව්‍යාපාරයන් තුළ ස්වකීය මුලික පදනම ගොඩනගාගත් අතර, 1926 ලංකා ජාතික සංගමයේ ලේකම්වරයෙකු බවට පත්වෙමින් එම ක්‍රියාදාමය ආරම්භ කරන ලදී. 1926 දී ජාති හිතෛෂී පක්ෂයේ සභාපතිවරයා ලෙසත්, 1926 දී කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙසත්, තේරී පත්වු එතුමා 1929 දී සමස්ථ ලංකා ගම්කාරක සභාවටද තේරී පත්විය. 1931 දී ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ හඳුන්වාදුන් පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී වේයන්ගොඩ ආසනය නියෝජනය කළ බණ්ඩාරනායක මහතා, පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ අතර, එය ඔහුගේ ප්‍රථම ව්‍යවස්ථාදායක ආගමනය විය. අනතුරුව 1936 පැවැති දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවටද තේරී පත්වු බණ්ඩාරනායක මහතා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස එහි අමාත්‍ය මණ්ඩලයටද තේරී පත්විය.
විශේෂයෙන් එම කාලය තුළ (1931-1946) පළාත් පාලන කාරක සභාවේ සභිකයෙකු හා පසුව එහි අමාත්‍යවරයා බවට පත්වීමත් සමග පළාත් පාලන ක්ෂේත්‍රය ප්‍රජාතාන්ත්‍රීය කිරීම උදෙසා ක්‍රියාකාරී භූමිකාවක නියැළුණු බණ්ඩාරනායක මහතා, ආර්ථික හා ජාතික සංවර්ධනය උදෙසා ග්‍රාමීය ප්‍රඡාව බල ගන්වා සංවිධානය කිරීම ස්වකීය ප්‍රතිපත්තිය කරගනු ලැබීය. එසේම එම කාලය තුළ (1931-1946) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව සෘජු ප්‍රකාශ ඉදිරිපත් කිරීම් මෙන්ම විරෝධතාවය දැක්වීම් ගණනාවක්ද බණ්ඩාරනායක මහතා විසින් සිදුකල අතර, එවැනි ක්‍රියාකාරකම් ප්‍රජාතන්ත්‍රවාදී පදනමක සිටිමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ යෝජනා ස්වරූපයෙන් සිදු කරන ලදී.
1925 දී විදේශීය උසස් අධ්‍යාපනය හමාර කර ලංකාවට පැමිණි බණ්ඩාරනායක මහතා එම වසරේදීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී නිතිඥයෙකු ලෙසද දිවුරුම් දෙනු ලැබීය. එතැන් පටන්ම මෙරට ජාතික දේශපාලනයට විවිධ මට්ටම් වලින් දායක වු බණ්ඩාරනායක මහතා 1926 ලංකා ජාතික සංගමයේ ලේකම්වරයෙකු බවට පත්විය. 1926 සැප්තැම්බර් මස 04 වැනි දින ජාති හිතෛෂි පක්ෂයේ සභාපතිවරයා ලෙසත්, 1926 දෙසැම්බර් මස 14 කොළඹ මහ නගර සභාවේ මරදාන ආසනයේ නාගරික මන්ත්‍රිවරයා ලෙසත් තේරී පත්විය. ඇෆ්.ආර්. සේනානායක මහතාගේ නායකත්වයෙන් 1919 දී ආරම්භ කල ලංකා මහජන සභාවේ සභාපති ධුරයට 1927 දි පත්වූ අතර, 1929 ජුලි 20 දින කම්කරු එක්සත් සංගමයේ සභාපති ලෙස තේරී පත් විය. එසේම 1929 දී වේයන්ගොඩ ආසනයේ එගොඩෙපාත පේරුවේ ගොවි කාර්යය සභාවේ සභාපති පදවියට පත්වූ අතර, එම වසරේදිම සමස්ථ ලංකා ගම්සභා සම්මේලනයේ සභාපති පදවියටද පත්විය. පුරා දශක තුනක කාලයක් එම පදවිය දැරීය. මෙෙලස එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ස්වකීය ව්‍යවස්ථාදායක ආගමනයට පෙර ජාතික දේශපාලන තලය තුළ වැදගත් භූමිකාවක් නිරූපනය කරන ලදී.
1931 මැයි 04 වන දින එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා වේයන්ගොඩ ආසනයේ මන්ත්‍රීවරයා ලෙස නිතරඟයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ අතර, එය ඔහුගේ ප්‍රථම ව්‍යවස්ථාදායක ආගමනය විය. බණ්ඩාරනායක මහතා 1931 දී ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ පළාත් පාළන කාරක සභාවට අයත් වූ අතර, එහි සභාපති වුයේ චාල්ස් බටුවන්තුඩාව මහතාය. ඒ අතරතුර කාලයේදී ලංකාවට නිදහස දිනාගැනීමට අදාල ප්‍රධාන භූමිකාවක් ඉටුකල ලංකා ජාතික සභාවේ සභාපති ධුරයට 1931 දෙසැම්බර් 18 වන දින පත්වූ බණ්ඩාරනායක මහතා එම පදවියට ඒ වන තෙක් පත්වු ලාබාලම පුද්ගලයා විය. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකල බණ්ඩාරනායක මහතා 1932 ජුලි 06 වන දින ලංකාවට පූර්ණ නිදහස ලැබීමට නම් රාජ්‍ය නිළධාරින් තිදෙනා සභාවෙන් පිටමං කළයුතු බවත්, ඔවුන්ගේ ධුර අහෝසි කලයුතු බවටත් ප්‍රකාශ කරනු ලැබීය. එසේම 1933 ජුනි 14 දින බණ්ඩාරනායක මහතා විසින් ඇමති මණ්ඩලය වෙත විශ්වාස භංග යෝජනාවක්ද ඉදිරිපත් කරන ලදී. ව්‍යවස්ථාදායක සභාව තුළ වඩා ප්‍රගතිශීලී භූමිකාවක් ඉටුකල බණ්ඩාරනායක මහතා 1934 අගෝස්තු මස 30 දින රාජ්‍ය මන්ත්‍රණ සභා කථානායක වැටුප රුපියල් 1800 සිට රුපියල දක්වා අඩුකල යුතු බවට යෝජනා කරනු ලැබීය. එසේම 1939 ජුලි 09 වැනි දින 1924 අංක 09 දරණ ග්‍රාම මණ්ඩල පනත සංශෝධනය සදහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකරනු ලැබීය. මෙම තත්වයට සාපේක්ෂව 1934 දී ආරම්භ කළ සිංහල මහා සභාවේ සභාපතිත්වය දැරීම මත වඩා ප්‍රබල පසුබිමක් සහිත ජාතික නායකයකුගේ තත්වයට බණ්ඩාරනායක මහතා පත්වෙමින් සිටියේය. මේ අතර ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලය ඉකුත්වීමත් සමග 1936 දී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය පවත්වන ලදී. එම මැතිවරණයේදී වේයන්ගොඩ ආසනයේ මන්ත්‍රීවරයා ලෙස දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවටද නිතරඟයෙන් තේරී පත්විය. එම වසරේදී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලන කාරක සභාවේ සභාපති ධුරයට නිතරගයෙන් පත්විය. එයට ප්‍රධාන ෙහ්තුවක් වුයේ එහි සාමාජිකයන් 05 ක් බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් සිංහල මහා සභාවේ සාමාජිකයින් වීමයි. මෙම දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා අමාත්‍ය මණ්ඩලය තුළ සිටි ලාබාලම අමාත්‍යවරයා වුයේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතායි. පළාත් පාලන අමාත්‍යවරයා ලෙස 1936 මාර්තු 31 දින පළාත් පාලන ආඥාපනතට සංශෝධන 07 ක් හා මෝටර් රථ ආඥාපනතට සංශෝධන 02 ක් ඉදිරිපත් කරන ලදී. අනතුරුව 1940 දී ඕස්ට්‍රේලියාව සොයා ගැනීමේ වසර 150 ක් පිරීම නිමිත්තෙන් පැවැති රාජ්‍ය නායක හමුවට ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව බණ්ඩාරනායක මහතාට ලැබුණු අතර, එහිදී විශේෂ දේශනයක්ද පැවැත්වීය. අනතුරුව බණ්ඩාරනායක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ධූරයේ වැඩ බැලීම සඳහා තෝරා පත්කරන ලදී. 1940 දී මෙරට විදේශිකයන්ගේ ඡන්ද බලය සීමා කිරීම සම්බන්ධව වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. 1940 පෙබරවාරි මාසයේ මුල්ඔය වැඩ වර්ජන සිද්ධියේදී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව විරෝධය දක්වමින් බණ්ඩාරනායක මහතා සිය අමාත්‍ය පදවියෙන් වරක් ඉල්ලා අස්විය. පළාත් පාලන අමාත්‍යවරයා ලෙස 1941 නොවැම්බර් මාසයේදී අනුරාධපුර පූජා නගර සංරක්ෂණය සදහා වන නව නෛතික ප්‍රතිපාදන හඳුන්වාදීමට මැදිහත්ව ක්‍රියා කරනු ලැබීය. 1945 ජනවාරි 19 වන දින බණ්ඩාරනායක මහතා විසින් ලංකාව සඳහා අළුත් ආණ්ඩු ක්‍රමයක් පැනවීම සදහා ආඥා පනතක් “නිදහස් ලංකා පනත” නමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ අතර, එය ලංකාවේ ස්වාධිපත්‍ය නැතිවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක මණ්ඩලයට ලාංකිකයකු විසින් ඉදිරිපත් කළ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතයි. එය 1945 පෙබරවාරි 16 වැනි දින සම්මත කලද බ්‍රිතාන්‍යයන් විසින් ප්‍රතික්ෂේප කල නිසා, ඊට විරුද්ධවද 1945 ජුලි 18 දින යෝජනාවක් සම්මත කෙරුනි. එෙස්ම 1945 ජුලි මාසයේදී 1945-46 වසරේ අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමේ වගකීම බණ්ඩාරනායක මහතාට පැවරුණු අතර, එහිදී ඇමති මණ්ඩලය වෙනුවෙන් විපක්ෂයේ චෝදනාවලට මුහුණදීමට බණ්ඩාරනායක මහතාට සිදුවිය. හඳුන්වාදීමට අපේක්ෂිත සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ මහ මැතිවරණයට මුහුණදීම සදහා බණ්ඩාරනායක මහතා නියෝජනය කළ සිංහල මහා සභාව ලංකා ජාතික සංගමය සමග සන්ධානගතවීමෙන් 1946 දී එක්සත් ජාතික පක්ෂය නිර්මාණය වු අතර, බණ්ඩාරනායක මහතා 1947 මහා මැතිවරණයට තරඟ කරනු ලැබුයේ එම දේශපාලන පක්ෂයෙනි
1929 දී වේයන්ගොඩ ආසනයේ එගොඩෙපාත පේරුවේ ගම්කාර්යය සභාවේ සභාපති පදවියට පත් බණ්ඩාරනායක මහතා එම වසරේදීම සමස්ථ ලංකා ගම්සභා සම්මේලනයේ සභාපති ධුරයටද පත්විය. 1930 දී ගම්සභා පනත සංශෝධනය කර ගැනීම සදහා යෝජනා රැසක් රැගෙන බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත පිරිසක් ආණ්ඩුකාර සර් හර්බට් ජේමිස් ස්ටැන්ලි මහතා හමුවූ අතර එහි ප්‍රතිඵල ලෙස ගම් කාර්යය සභා ව්‍යවස්ථාව සිංහල භාෂාවෙන් පිළියෙල කිරීම, ගම් කාර්යය සභාවල ලියුම් මුද්දර නොඅලවා රාජකාරි කටයුත්තක් සේ සලකා නොමිලයේ යැවීමට ඉඩ සලසා ගැනීම සහ ගම් සභා සාමාජික ධුරවලට හෝ සභාපති පදවිවලට ගම්මුලාදෑනීන් පත්කිරීම තහනම් කරමින් නියෝග පැනවීම ආදී ජයග්‍රහණ ගණනාවක් දිනාගනු ලැබීය. මෙයට සාපේක්ෂව 1931 පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී බණ්ඩාරනායක මහතා වේයන්ගොඩ මන්ත්‍රීවරයා ලෙස පත්වීමෙන් අනතුරුව පළාත් පාලන කාරක සභාවට අයත්වීම නිසා ගම් කාර්යය සභාවල දියුණුව උදෙසා වැඩි වැඩ කොටසක් ඉටු කිරීමට අවකාශ ලැබිණ. බණ්ඩාරනායක මහතාගේ මැදිහත්වීම මත,
ආදී ප්‍රතිඵල රාශියක් ලබාගැනීමට හැකියාව ලැබිණ
1933 සැප්තැම්බර් මස සිට ගම්සභා සම්මේලනය ”ගම්සභා ප්‍රවෘත්ති” නම් සඟරාවක්ද පලකරනු ලැබීය. එයට ලිපියක් ලියු බණ්ඩාරනායක මහතා සදහන් කළේ ගම්බද පළාත්වල දියුණුව ඇති කිරීමට තිබෙන ප්‍රධාන උපක්‍රම වලින් එකක් නම්, ගම්බද කටයුතු පාලනය ගම්වැසියන් අතට නැවතත් භාරදීමය. ගම්සභාවලට දැනට ඇති බලතල වලට අමතරව සිය පළාත්වල සනීපාරක්ෂාව, අධ්‍යාපනය හා ගොවිකම් යන මේවාද පාලනය කිරීමේ බලය දියයුතු බව එයින් ප්‍රකාශ විය.
පළාත් පාලන කටයුතු සම්බන්ධයෙන් ගම්කාර්යය සභාවලට වඩා පුළුල් හා කාර්යක්ෂම කටයුතු කොටසක් පවරාදීම අරමුණු කරගනිමින් 1924 අංක 09 ග්‍රාම මණ්ඩල ආඥා පනත සංශෝධනය පිළිබඳ විවාදයේදී එම යෝජනාව ස්ථිර කරමින් අදහස් දැක්වු බණ්ඩාරනායක මහතා පැරණි ගම්සභාවල තත්වය හා එයට දී තිබු තත්වය ගැන විග්‍රහ කරමින් ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ගම්සභා සන්නද්ධ වියයුතු බවත් ප්‍රකාශ කළේය. එසේම ගම් කාර්යය සභාවලට නියෝජිතයින් පත් කිරීම සඳහා ඒවන විට ක්‍රියාත්මක කළ ඡන්ද ක්‍රමය පිළිබඳවද බණ්ඩාරනායක මහතා අදහස් දැක්වීය. එසේම, ගම්කාර්යය සභා ආර්ථික වශයෙන් පොහොසත් කොට වඩා කාර්යක්ෂම වූද, පුළුල් වූද, සේවාවක් සැලසීම සඳහා යෝජනා රාශියක් මෙම විවාදයේදී බණ්ඩාරනායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී. ඒ අතර,
අවධාරණය කල අතර, ගම්කාර්යය සභා වලින් වඩා කාර්යක්ෂම සේවයක් ඉටුවිය යුතු නම් ඒවාට වැඩි ලෙස ආදායම් ලබාගත හැකි පරිදි ක්‍රියාකල යුතු බව මෙයින් විග්‍රහ විය.
ගම්කාර්යය සභාවලට වැඩි බලතල දියයුතු බවට තර්ක කළ බණ්ඩාරනායක මහතා පොදු ජනතාව වෙත විශ්වාසය තැබු අතර, ඔවුන් පිළිබඳ දුර්වාදී සංකල්පයක් ඔහු තුළ නොවීය. රජයේ බලය විමධ්‍යගත කොට ජනතාවටත්, ජනතා නියෝජිතයන්ටත් බලය පැවරීමෙන් උසස් ප්‍රතිඵල රජයකට ලබාගත හැකි බවත්, පළාත් පාලන ආයතන ස්වාධීනව ආර්ථික වශයෙන් පොහොසත් ඒකක වශයෙන් තබා ගැනීම බණ්ඩාරනායක මහතාගේ අභිප්‍රාය විය. මේ සම්බන්ධ බණ්ඩාරනායක මහතාගේ ආකල්පය 1934 දී එතුමන් විසින් ආරම්භ කල සිංහල මහා සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළාත් ආණ්ඩු ක්‍රමය යන ජේදය යටතේ මනාව අවබෝධකරගත හැක.
මේ අතර, පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු නිළධාරින් සඳහා පළාත් පාලන සේවා කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම හා එම සේවය පාලනය කිරීම සඳහා වු කෙටුම්පතක් 1945 ජනවාරි 23 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට පළාත් පාලන ඇමතිවරයා ලෙස බණ්ඩාරනායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී. මෙම පනත සම්මතවීම නිසා පළාත් පාලන කොමිෂන් සභාවක් හා පළාත් පාලන සේවාවක් සාමාන්‍ය රාජ්‍ය සේවයට සාමාන්තරව ඇතිවිය. ඒ අනුව නොයෙකුත් පළාත් පාලන මණ්ඩල වලට සේවය කිරීම සඳහා ඉංජිනේරුවන්, තක්සේරුකරුවන් හා ලිපිකරුවන් යනාදී නිළධාරින් තෝරාගැනීමට විභාග හා පරීක්ෂණ පැවැත්වීම සදහා පළාත් පාලන කොමිසම නිර්මාණය කල අතර, නිළධාරීන්ට විරුද්ධව විනයානුකූල කටයුතුද මෙම කොමිසම වෙත පැවරීය. පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සේවකයින්ගේ සේවයේ සුරක්ෂිත තාවයත්, නිත්‍යභාවයත්, රාජකාරි ඉටු කිරීමේදී කිසියම් ප්‍රමාණයක අපක්ෂපාති භාවයක්ද බණ්ඩාරනායක මහතා මෙම කොමිසම පත්කිරීමෙන් අපේක්ෂා කලේය. මෙලෙස පළාත් පාලන කොමිෂන් සභාව පිහිටුවා සියළුම පළාත් පාලන ආයතනවල සේවය කරන්නන් ඒ යටතට ඇතුලත් කළ බණ්ඩාරනායක මහතා රටපුරා ප්‍රජා මණ්ඩල ඇති කිරීම සඳහාද මාර්ගෝපදේශය ලබා දුන්නේය. එසේම ඩොනමෝර් කොමිෂන් සභාව විසින් නිර්දේශ කළ ප්‍රාදේශීය බල මණ්ඩල පිහිටුවීම සඳහා යෝජනාවක් ඔහු 1937 මැයි 20 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. සෑම දිස්ත්‍රික්කයකටම එක බැගින් ප්‍රාදේශීය බල මණ්ඩල පිහිටුවීමද බණ්ඩාරනායක මහතා යෝජනා කරනු ලැබීය. මෙම සියළු කාරණා හමුවේ බණ්ඩාරනායක මහතා අපේක්ෂා කළේ ගම් කාර්යය සභා, සනීපාරක්ෂක මණ්ඩල, පළාත් ආණ්ඩු සභා, නගර සභා, ප්‍රාදේශීය මාර්ග කමිටු, දිස්ත්‍රික් මාර්ග කමිටු වැනි එවක පැවැති විවිධ මණ්ඩල එක් ආයතනයක් යටතට ගෙන ඒමටත්, ආණ්ඩුවේ කටයුතු ප්‍රාදේශීය මණ්ඩල වලට පැවරීමෙන් එම බලය විමධ්‍යගත කිරීමත්ය.
මේ අනුව පළාත් පාලන ක්‍රමයේ අධිරාජ්‍යවාදී ව්‍යුහය හා ආකෘතිය වෙනස් කිරීමටත් එය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයන්ගෙන් සමන්විත කොට පළාත් පාලන ආයතනවල ස්වෛරීත්වය තහවුරු කර ක්‍රියාත්මක කිරීමක්, සම්බන්ධව බණ්ඩාරනායක මහතාට විශේෂිත ස්ථානයක් ලැබේ.