1956 මහා මැතිවරණය ජය ලැබීමෙන් පසුව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් නිදහස් ශ්‍රී ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්විය. ඒ එතුමා බිහි කල
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 මහා මැතිවරණයෙන් අති බහුතර බලයක් ලබා ගැනීමෙන් අනතුරුවයි. 1959 සැප්තැම්බර් 26 වැනිදා චීවරධාරියෙකු විසින් ඝාතනය කරනු ලබන තුරුම එතුමා එම තනතුර දැරීය. බණ්ඩාරනායක
ශ්‍රීමතාණන් බ්‍රිතාන්‍ය පාලනය සමග ඉතා සමීප සබඳතා පැවැත්වූ ඉඩම් හිමි පෙලපතකින් පැවත එන්නෙකි. බණ්ඩාරනායක මැතිතුමාග් පියා ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක නම් විය. ඔහු යටත් විජිත සමයේ ආණ්ඩුකාරවරයාගේ කාර්ය
මණ්ඩලයේ ඉහළ තනතුරක් දැරීය. ප්‍රතාපවත් නායකයෙකු හා චතුර කථිකයෙකු වූ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ශ්‍රී ලංකාවට ස්වයං පාලනය ලබා ගැනීමටත්, දේශීය සංස්කෘතිය හා භාෂාව නගා සිටුවීමටත් කැප වූ නායකයෙකු වශයෙන්
ඉතිහාසයට එක්විය. දේශීය අපේක්ෂාවන් නගා සිටුවීමට එතුමා රට පාලනය කල සමයේ සමත් වූ හෙයින් එම කාලය “පොදු ජන යුගය” ලෙස හැඳින්වින.
ශ්‍රී ලංකාවේ දේශපාලනය, ආර්ථික සහ සමාජ සංවර්ධනය කෙරෙහි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ බලපෑම කොතරම් ගැඹුරු වීද යත් එතුමා අනුගමනය කල ප්‍රතිපත්ති වර්තමානයේද ගෞරවයෙන් සිහිපත් කෙරේ.
එතුමාගේ දර්ශණය හා ප්‍රතිපත්ති වර්තමානයේද අනුගමනය කරමින් පැවතීම තුල ඉහත කාරණය මනාව තහවුරු වේ.
1948 පෙබරවාරි මස 04 දින ලංකාවට නිදහස උදා වූ අවස්ථාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායකවරයා ලෙස සිංහ ධජය ඔසවන අවස්ථාවේදී නිදහස පිළිබදව එතුමා පැවසූවේ “රටක් දේශපාලන නිදහසින් පමණක් නොව,
සමාජ හා ආර්ථික නිදහසින්ද පෝෂණය විය යුතු” බවය. එතුමාගේ දැක්ම හා මතය මහජන සිතුම් පැතුම් සහ අභිලාෂයන් මත පිහිටා ක්‍රියා කළේය. මහජනයා නිදහස් හා ස්වෛරීවීමට නම් ඔවුනට මූලික
මානව අයිතිවාසිකම් ලබා දීම රජයේ වගකීම වේ. දුප්පත්කමින් නිදහස, ලෙඩරෝගවලින් නිදහස, නූගත්කමින් නිදහස හා බියෙන් තොරව ජීවත්වීමට මහජනතාවට සාධාරණ අයිතිවාසිකමක් ඇතැයි යන්න
බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ අදහස විය.
මෙම අයිතිවාසිකම් සැමට සපුරාලීම සහතිකවීම රජයේ වගකීමකි. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ අභිප්‍රාය වුයේ ඉහත කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත කිරීමයි. එහෙත් කුමන්ත්‍රණකරුවන්
විසින් බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජීවිතය අහිමි කල නිසාවෙන් එතුමන්ට එම අරමුණු ලාංකීය ජනතාවට ලබා දීමට නොහැකි විය. නමුත් එම සිහිනය එතුමාගේ බිරිඳ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1972 නව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරමින් සැබෑ කළාය.
1923 : ඔක්ස්ෆර්ඩ් සරසවියයෙන් උපාධිය ලබා ගැනීම
ඔක්ස්ෆර්ඩ් සරසවිය තුළ වසර හයක උසස් අධ්‍යාපනය නිමාකර උපාධිධාරියෙකු ලෙස එයින් පිටත්විය. එතුමා එහි සිටි කාලය තුල ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ලේකම් පදවියට තරගයෙන් පත්වූ අතර "මාජිලිස්" ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයද දැරීය.
1940 : සිරිමාවෝ රත්වත්තේ මෙනවිය සමග විවාහ දිවියට ඇතුල්වීය
බලංගොඩ බාන්ස් රත්වත්තේ දිසාව හා මහවලතැන්නේ රත්වත්තේ කුමාරිහාමි යන දෙමව්පියන්ගේ වැඩිමල් දියණිය වූ සිරිමාවෝ රත්වත්තේ මෙනවිය සමග බලංගොඩ වලව්වේදී විවාහ දිවියට ඇතුල්වීය.
1956: නිදහස් ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම
නිදහස් ලංකාවේ පැවැති තෙවන මහ මැතිවරණයෙන් එතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අත්තනගල්ල ආසනය ජයග්‍රහණය කිරීම සහ සිවු වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම .
1959 : අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා ජීවිතක්ෂයට පත්වීම
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට ස්වකීය රොස්මිඩ් නිවසේදී චීවරධාරියෙකු විසින් වෙඩි තැබූ අතර ඉන් බරපතල තුවාල ලද අග්‍රාමාත්‍යවරයා රෝහල් ගතවී පසු දින ජාතියෙන් සමුගතේය.
එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සහ එතුමාගේ පවුල පිලිබඳ සටහන් කීපයක්
බණ්ඩාරනායක මහතා ගැන ලියවුනු පොත පත.
කොළඹ - නුවර මහා මාර්ගයෙහි විසි හතරවැනි සැතැපුම් කණුව අසලින් ළඟා විය හැකි, අක්කර දෙකහමාරක බිම් කඩක සමාධිය සැලසුම් කර ඇත.
සමාධි සංකීර්ණයේ සම්පුර්ණ සැලසුම සඳහා ආභාසය ලැබුණේ, අනුරාධපුර අවධියට අයත් පුරාණ වාස්තු විද්යාාව පාදක කර ගෙනය. එහි අඩි දහඅටක් උස ගල් කුළුණු පහ පංචසීලය සංකේතවත් කරයි.
එහි පසුබිමෙහි අතු ඉති පැතිර ගත් සුවිසල් නුගරුකකි. ඒ තුරු සෙවණ බණ්ඩාරනායක අගමැතිතුමා එදා තම ළමා වියෙහිදී මුලදී සෙල්ලම් කිරීමටත්, පසුව වැඩිහිටියකු වු කළ භාවනාවටත් යොදා ගත්තකි.
මේ කුළුණු පහ ඉදිරිපිට ඇති දළ රළු ස්වාභාවිකව නෙළන ලද ගලේ බර ටොන් දහහතක් වේ. එය එතුමාද ගරු කොට සැලකූ ශ්රීබ ලංකාවේ සාමාන්යහ ජනතාව ගත කරන රළු හා අර පරෙස්සම් සහිත ජීවිතය විදහා දක්වයි.
ස්වාභාවික ගල තබා ඇත්තේ ඔප මට්ටම් කළ ශෛලමය පදනමකය. එය සංකේතවත් කර දක්වන්නේ එතූමා මුල් කාලයේදී සුවපහසු සහිතව හැදුණු වැඩුණු සංස්කෘතික පරිසරයයි.
සිහිවටන සංකීර්ණයේ ඉදිරිපස, පැතිර පවත්නා සලපතළ සමතලයකි. එහි පළල අඩි සියයකි. දිග අඩි තුන්සියයකි. පිහිටීම පොලෝ මට්ටමින් අඩි හතරකට ඉහළිනි.
එතැන උත්සව අවස්ථාවක නරඹන්නන්ට පහසුකම් සලසයි. එහි මැද පරාවර්තනය වී පෙනෙන පොකුණකි. එය විශේෂයකි. සුදු මලින් පිරුණු අරලිය ගස් දෙපේළියක් සංකීර්ණයේ කෙළවර දක්වා වැටී තිෙබ්.