Chronology
1899 : සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමාටත්, ඩේසි ඇසිලින් බණ්ඩාරනායක මැතිනියටත් දාව, "මෝදර එළි හවුස්" මන්දිරයේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා උපත ලැබීය.
1899 ජනවාරි 08
කොළඹ අළුත්කඩේ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී සර් ජෝශප් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයාගේ ආගමික පීතෘත්වයෙන් බවුතිස්ම ලැබීය.
(සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නාමයට "වෙස්ට් රිජ්වේ" යන නම් දෙක එක් වූයේ මෙම ආගමික පීතෘත්වය නිසාය.)
1899 : සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමාටත්, ඩේසි ඇසිලින් බණ්ඩාරනායක මැතිනියටත් දාව, "මෝදර එළි හවුස්" මන්දිරයේදී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා උපත ලැබීය.
1899 ජනවාරි 08
කොළඹ අළුත්කඩේ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී සර් ජෝශප් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයාගේ ආගමික පීතෘත්වයෙන් බවුතිස්ම ලැබීය.
(සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නාමයට "වෙස්ට් රිජ්වේ" යන නම් දෙක එක් වූයේ මෙම ආගමික පීතෘත්වය නිසාය.)
1907 : ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත්වීම.
1907
මුල් කාලයේ පවතී පෞද්ගලික ඉගනීම් පන්ති නවතා බණ්ඩාරනායක තරුණයා ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුල් විය
1915 : කේම්බ්‍රිජ් විශ්ව විද්‍යලය මගින් පවත්වන ලද ජ්‍යෙෂ්ඨ විභාගය සමත් විය
1915 දෙසැම්බර්
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යලය මගින් පවත්වන ලද ජ්‍යෙෂ්ඨ විභාගයේදී ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් හා ප්‍රංශ භාෂාවන්ට සම්මාන ලබා එම වාරයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ
"කේම්බ්‍රිජ් සීනියර්" විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන් අතර තෙවන ස්ථානය දිනා ගැනීම.
1919 : ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළුවීම
1919 ඔක්තෝම්බර්
උසස් අධ්‍යාපනය ලැබීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළුවීම.
1921 : ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ පළමු කථාව පැවැත්වීම
1921 නොවැම්බර් 17
වාදයේ මාතෘකාව වුයේ "අද පවත්නා පාර්ලිමේන්තු ක්‍රමය වර්තමාන ප්රජාතන්ත්රවාදයේ අවශ්‍යතා ඉටු නොකරයි". යන්නයි.
1923 : ඔක්ස්ෆර්ඩ් සරසවියයෙන් උපාධිය ලබා ගැනීම
1923 පෙබරවාරි
ඔක්ස්ෆර්ඩ් සරසවිය තුළ වසර හයක උසස් අධ්‍යාපනය නිමාකර උපාධිධාරියෙකු ලෙස එහින් පිටත්විය. එතුමා එහි සිටි කාලය තුල ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ලේකම් පදවියට තරගයෙන්
පත්වූ අතර "මාජිලිස්" ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයද දැරීය.
1925 :සියරට පැමිණීම
1925 පෙබරවාරි 25
ඔක්ස්ෆර්ඩ් සරසවිය තුළ වසර 06 ක උසස් අධ්‍යාපනය නිමාකර උපාධිධාරියෙකු හා බැරිස්ටර්වරයෙකු වශයෙන් ලංකාව බලා පැමිණී බණ්ඩාරනායක තරුණයා උඩගහපත්තුවේ ජනතාව විසින් පිළිගනු ලැබීම
1925 අප්‍රේල් 09
වැඩ බලන අග්රවිනිශ්චයාකාරතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරයෙකු ලෙස දිව්රුම් දීම.
1926 : දේශපාලනයට පිවිසීම
1926 ජුනි
ලංකා ජාතික සංගමයේ ලේකම්වරයෙකු ලෙස ක්‍රියා කිරීම.
1926 සැප්තැම්බර් 04
ශ්‍රී ලංකාවට ස්වරාජ්‍යය දිනාගැනීමේ අභිලාශය ඇතිව පිහිටුවන ලද ජාතිහිතෛෂී පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම.
1926 දෙසැම්බර් 14
කොළඹ මහ නගර සභාවේ මරදාන කොට්ඨාශයේ පැවැති අතුරු මැතිවරණයේදී එවකට "ලංකා කම්කරු සංගමයේ" නායකයා වූ ඒ.ඊ. ගුණසිංහ මහතා පරාජයට පත් කරමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ජයග්‍රහණය කරනු ලැබීය
1929 : සමස්ත ලංකා ගම් සභා සම්මේලනයේ සභාපති පදවියට පත්වීය.
1929
මෙම පදවිය දශක තුනකට ආසන්න කාලයක් දැරීය
1931 : වේයන්ගොඩ ආසනයේ මන්ත්‍රීවරයා ලෙස නිතරගයෙන් තේරී පත් විය
May 1931
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා වේයන්ගොඩ ආසනයේ මන්ත්‍රීවරයා ලෙස ප්‍රථම වරට රාජ්‍ය මන්ත්‍රණ සභාවට (ව්‍යවස්ථාදායකයට) තේරී පත් විය. (එය නිතරගයෙන් සිදු වූ අතර, එය ඔහුගේ පළමු ව්‍යවස්ථාදායක ආගමන විය.)
1933 : බෞද්ධ ආගම වැළද ගැනීම
1933
අත්තනගල්ල රජමහා විහාරයේදී ක්‍රිස්තු ධර්මය අතහැර බෞද්ධ ආගම වැළද ගැනීම.
1934 : සිංහල මහා සභාවේ සභාපති පදවියට තේරී පත්වීම
1934 මැයි 19
සිංහල මහා සභාවේ ආරම්භක රැස්වීම පිටකොටුව බෞද්ධ මන්දිරයේදී ආරම්භ වූ අතර, එහි සභාපති පදවියට එස්.ඩබ්ලිව්.ආර්.ඩී.
බණ්ඩාරනායක මහතා තේරී පත්වීය.
1936 : දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට වේයන්ගොඩ ආසනයේ මන්ත්‍රීවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වීය.
1936 මාර්තු
දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලන කාරක සභාවේ සභාපති ධූරයට නිතරගයෙන් පත්වීම.
(දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා අමාත්‍ය මණ්ඩලයේ ලාබාලම අමාත්‍යවරයා වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාය)
1940 : සිරිමාවෝ රත්වත්තේ මෙනවිය සමග විවාහ දිවියට ඇතුල්වීය
1940 ඔක්තෝම්බර් 03
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා බලංගොඩ බාන්ස් රත්වත්තේ දිසාව හා මහවලතැන්නේ රත්වත්තේ කුමාරිහාමි යන දෙමව්පියන්ගේ ජ්‍යෙෂ්ඨ දියණිය වූ සිරිමාවෝ රත්වත්තේ මෙනවිය සමග බලංගොඩ වලව්වේදී විවාහ දිවියට ඇතුල්වීය.
1943 : සුනේත්‍රා දියණිය උපත ලැබීම
1943 ජූලි 27
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඔවුන්ගේ පළමු දරුවා ලෙස සුනේත්‍රා දියණිය උපත ලැබීම.
1945 : ‘නිදහස් ලංකා පනත’ ඉදිරිපත් කිරීම
1945 ජනවාරි 19
ලංකාව සඳහා අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වූ "නිදහස් ලංකා පනත" රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කිරීම.
1945 ජුනි 29
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඔවුන්ගේ දෙවන දරුවා ලෙස චන්ද්‍රිකා දියණිය උපත ලැබීම.
1947 : ප්‍රථම පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම
1947 අගෝස්තු
1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී අත්තනගල්ල ආසනය නියෝජනය කරමින් වාර්තාගත ජයග්‍රහණයක් ලබා, ප්‍රථම පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම.
1948 :ලංකා ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු කථාව
1948 පෙබරවාරි 04
ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පළාත් පාලන හා සෞඛ්‍ය ඇමති පදවියට හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායක ධූරයට පත්වීය. ප්‍රථම පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කළ පසු ග්ලොස්ටර් ආදිපාදතුමා පැවැත් වූ කථාවට ලංකා ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු කථාව පැවැත්වීම.
1949 :තෙවන දරුවා ලෙස අනුර පුතනුවන් උපත ලැබීම.
1949 පෙබරවාරි 15
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඔවුන්ගේ තෙවන දරුවා ලෙස අනුර ප්‍රියදර්ශී පුතනුවන් උපත ලැබීම.
1951: ශ්‍රීලංකාවේ දේශපාලනයේ ගමන්මග වෙනස් කිරීම
1951 ජුලි 12
මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරි වර්ෂය සඳහා අයවැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දිනයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා එතෙක් වසර 4 ක්
තිස්සේ තමන් දැරූ සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය පදවියෙන් හා සභානායක පදවියෙන් ඉවත්ව විරුද්ධ පක්ෂයට පැමිණීම.
1951 සැප්තැම්බර් 02
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීම හා නිර්මාතෘවරයා ලෙස එහි ප්‍රථම සභාපති ධුරයට පත්වීම.
1952 : විරුද්ධ පක්ෂයේ නායක පදවිය
1952 මැයි
1952 මහ මැතිවරණයේදී, මැතිවරණ ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් අත්තනගල්ල ආසනය ජයග්‍රහණය කිරීම.
1952 මැයි
විරුද්ධ පක්ෂයේ නායක පදවියට පත්වීම.
1956 : ශ්‍රී ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම
1956 පෙබරවාරි 21
මහජන එක්සත් පෙරමුණ පිහිටුවීම.
1956 අප්‍රියෙල් 12
නිදහස් ලංකාවේ පැවැති තෙවන මහ මැතිවරණයෙන් එතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා
අත්තනගල්ල ආසනය ජයග්‍රහණය කිරීම. නිදහස් ශ්‍රී ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම.
1956
චීන මහජන සමුහාණ්ඩුව හා සෝවියට් දේශය සමග තානාපති සබඳතා ආරම්භ කිරීම - චීන මහජන සමුහාණ්ඩුවේ ප්‍රථම තානාපති පදවියට විල්මට් ඒ. පෙරේරා මහතාද, සෝවියට් දේශයේ ප්‍රථම තානාපති පදවියට ගුණපාල මලලසේකර මහතාද පත්කර යැවීම
1956 මැයි 01
මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම හා ප්‍රථම මැයි දිනය රාජ්‍ය අනුග්‍රහය ඇතිව නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීම.
1956 ජූලි 07
සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ පනත (1956 අංක 33) බණ්ඩාරනායක අගමැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර, එම යෝජනාව සම්මත වීම
1956 නොවැම්බර් 22
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා දේශනයක් පැවැත්වීම.
1957 : අලුත් ශ්‍රීලංකාවක් සඳහා පියවර
1957 අප්‍රේල් 25
සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ පනත සම්මත වීමෙන් පසුව ද්‍රවිඩ භාෂාවට යුක්තිසහගත ස්ථානයක් ලබාදීම සඳහා තමන් සකස් කර ඇති චතුර්විධ වැඩ පිළිවෙලක් බණ්ඩාරනායක අගමැතිතුමා විසින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී
1957 ජුනි 26
පෙඩරල් පක්ෂ නායකයා සමග සිංහල දෙමළ භාෂා ප්රශ්නය පිළිබඳ ප්‍රථම සාකච්ඡාව හොරගොල්ලේදී පැවැත්වීම. බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අත්සන් කිරීම.
1957 ඔක්තෝම්බර් 15
ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුර බ්‍රිතාන්‍යයන් වෙතින් පවරා ගැනීම.
1957 නොවැම්බර් 01
කටුනායක ගුවන් හමුදා කඳවුර බ්‍රිතාන්‍යයන් වෙතින් පවරා ගැනීම.
1958 : වෙනසක් ඇතිකිරීම
1958 ජනවාරි 01
බස්සේවාව ජනසතු කිරීමේ පනත් කෙටුම්පත සම්මත කිරීම හා ප්‍රවාහන සේවාව ජනසතු කොට ලංකා ගමනා ගමන මණ්ඩලය පිහිටුවීම.
1958 පෙබරවාරි 01
1958 අංක 01 දරණ කුඹුරු පනත සම්මත කිරීම. කම්කරු විනිශ්චය මණ්ඩල ඇති කිරීම
1958 අප්‍රේල් 09
සිංහල ජාතික සංගමයේ සභාපති බද්දේගම විමලවංශ හා මිරිස්සේ චන්ද්‍රජෝති ස්වාමීන්වහන්සේලාගේ නායකත්වයෙන් යුතු පිරිසක් රොස්මිඩ් නිවසට ගිය අතර, නිවස අභියස වාඩිවී බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයක් පැවැත්වීම.
1958 අප්‍රේල්
බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අවලංගු කිරීම.
1958 මැයි 09
සේවක අර්ථසාධක අරමුදල් පනත ආරම්භ කිරීම. (1958 ජුනි 01 දින සිට මෙය ක්‍රියාත්මක විය).
1958 ජුලි 17
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට දෙමළ භාෂා විශේෂ (විධි විධාන) පනත ඉදිරිපත් කිරීම. පසුව සම්මත වීම.
1958 අගෝස්තු 01
වරාය ජනසතු කිරීම.
1958
අංක 31 පනතින් ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය පිහිටුවීම. විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්ව විද්‍යාල බවට පත් කිරීම.
1959 : ගමනක අවසානය
1959 මාර්තු 19
අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන්ට සර්වජන ඡන්ද බලය ලබාදීම
1959 මැයි 10
ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවිඩ විශ්ව විද්‍යාලය ත්‍රීකුණාමලයේ පිහිටුවීම. (පසුව යාපනය විශ්ව විද්‍යාලය වුයේත් මෙයයි.)
1959 සැප්තැම්බර් 25
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට ස්වකීය රොස්මිඩ් නිවසේදී චීවරධාරියෙකු විසින් වෙඩි තැබීම හා ඉන් බරපතල තුවාල ලද අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීම.
1959 සැප්තැම්බර් 26
නිදහස් ශ්‍රී ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා ජීවිතක්ෂයට පත්වීම.