බණ්ඩාරනායක කෞතුකාගාරය
1973 මැයි මස 17 දින විවෘත කරන ලද කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, පිහිටි"බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව" හෙවත් "මිත්‍රත්වයේ සංකේතය" දිවංගත ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මුළු ලොවටම හඬගා කියන සංකේතයකි.
තම ශ්‍රේෂ්ඨ මිත්‍රයා ප්රතිගාමීන් අතින් ජීවිතක්ෂයට පත්වූ බව ඇසූ චීන ජනතාව බොහෝ ශෝක වුහ. එයින් නොනැවතුණ ඔවුහු තමන්ගේ ශ්‍රේෂ්ඨ මිත්‍රයාගේ නාමය සදා අනුස්මරණය කරනු වස් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර
සම්මන්ත්රණ ශාලාව ඉදිකර ශ්‍රී ලංකා ජනතාවට පරිත්‍යාග කළහ.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ප්‍රධානතම අංගය වන 1973 සැප්තැම්බර් මස 26 දින විවෘත වූ "බණ්ඩාරනායක කෞතුකාගාරයට" ඇතුළු වූ කෙනෙකුට මොහොතකින් ජීවමාන බණ්ඩාරනායක
අගමැතිතුමා හමුවනවාට කිසිදු අඩමානයක් නැත. බණ්ඩාරනායක ශ්‍රීමතුන්ගේ උපතේ සිට එතුමන්ගේ ක්‍රියාකලාපයන් ඇතුළු ජීවිතයේ වැදගත් සිදුවීම්, අපේක්ෂිත බලාපොරොත්තු හා එතුමාගේ ප්‍රතිපත්ති ඇතුළු සෑම
අංගයක්ම හැකි සෑම අයුරින්ම ඡායා රූප හා ලිපි ලේඛණ මගින් විස්තරාත්මකව ප්‍රදර්ශනය කර ඇත. එතුමා පරිහරණය කරන ලද සමහර භාණ්ඩද, රට හා ජනතාව වෙනුවෙන් දිවිපිදූ අවස්ථවේදී ඇඳ සිටි එතුමන්ගේ රුධිරය
උරාගත් ඇඳුම් කට්ටලයද, ජීවිතය විනාශ කළ මාරක පිස්තෝලය හා වෙඩි උණ්ඩද මෙහි තැන්පත් කර ඇත.
එතුමන්ගේ කථිකත්වය මෙයයැයි විදහාපාන පටිගත කරන ලද එතුමාගේ කථා මෙන්ම චිත්රපටද බණ්ඩාරනායක ප්‍රතිපත්ති පිළිබද මනා අවබෝධයක් ඇති කරයි.
බණ්ඩාරනායක කෞතුකාගාරය සඳුදා, පසළොස්වක පෝදින හා වෙළද නිවාඩු දින හැර අනෙකුත් සෑම දිනකම පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා විවෘතව පවතී. වැඩිහිටි
අයෙකුගෙන් රුපියල් 05.00 ක්ද, ළමයෙකුගෙන් රු.02.50 ක්ද කෞතුකාගාරය නැරඹීම සදහා අය කෙරේ.