අග්‍රාමාත්‍යවරයා ලෙස (1956-1959)
1956 දී පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 අප්‍රේල් 12 වන දින ශ්‍රී ලංකාෙව් සිව්වැනි විධායක අග්‍රාමාත්‍යවරයා බවට තේරී පත්විය. 1956 දී සිදුවු මෙම දේශපාලන විපර්යාසය ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික මෙන්ම සමාජ ක්‍රියාවලියේදීද වැදගත් සන්ධිස්ථානයක් විය. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා විසින් අනුගමනය කරන ලද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනයට අමතරව 1956 මැතිවරණය ජයග්‍රහණය කරවීමට දායක වු සමාජ පන්තීන් හා සමාජ ප්‍රශ්නයන් 1956 න් පසුව නිර්මාණය වු දේශපාලන ප්‍රතිපත්තීන් හා ක්‍රියාමාර්ග කෙරෙහි බලපාන ලදී.
ඒ තුළින් ගොඩනැගුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය තුළ සිටම ක්‍රියාත්මක වු බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණු රජය මගින් ජනසතු ව්‍යාපාරය බිහි කිරීම, නව රාජ්‍ය සංස්ථා ආරම්භ කිරීම, දේශීය භූමිය තුළ ක්‍රියාත්මක වූ විදේශීය හමුදා කඳවුරු ඉවත් කිරීම, නව භාෂා ප්‍රතිපත්තියක් හඳුන්වාදීම, නව දේශීය සංස්කෘතියක්, ජාතික අධ්‍යාපනික ප්‍රතිපත්තියක් ඇති කිරීම, ෙගාවිජන හා කම්කරු සුභසාධනය ආදී සමාජ සුභසාධනය, ජාතිකත්වය ස්වාධීනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කරගත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. ලෝක දේශපාලනය තුළද බටහිර මෙන්ම නැගෙනහිර සමගද සමීප මෙන්ම මධ්‍යස්ථ සබඳතාවයක් සහතික කරමින් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්ද අනුගමනය කරනු ලැබීය. එමෙන්ම විවිධ හා වෙනස් වන ලෝක දේශපාලන තත්වයන්ට සාෙප්ක්ෂව ස්වාධීනව හා නිර්භීතව තම මතය ප්‍රකාශ කරමින් ලෝක දේශපාලනය තුළද සක්‍රීය භූමිකාවක් නිරූපණය කරන ලදී.
1956 දේශපාලන පරිවර්තනයේ ස්වභාවය තීරණය වීමට බණ්ඩාරනායක රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ඉවහල් විය. මේ අනුව එතෙක් පැවැති ආර්ථික සංවර්ධනය පිළිබඳ වූ රාජ්‍ය කාර්ය භාරයේ භූමිකාව වූ රාජ්‍ය නිර්බාදවාදී ප්‍රතිපත්තිය පරිවර්තනයකට ලක්කරමින් රටේ ආර්ථික සංවර්ධනයේ නියමුවා බවට රාජ්‍ය පත්විය. ඒ අනුව, මෙරට ආර්ථික ක්‍රියා දාමයට මහා පරිමාණයේ දායකත්වය සැපයීමට රජයට සිදුවු අතර, පෞද්ගලික අංශයට නිසි මග ෙපන්වීම හා ආධාර දීමද රජයේ වගකීම විය. එසේම ආණ්ඩුවේ ආයෝජන සම්පත්වලින් අධික ප්‍රමාණයක් සමාජ සේවා උදෙසා වැය කළ අතර, මානව සම්පත් සඳහා ආයෝජනය කළ රටක් පිළිබදව ආදර්ශයක් සැපයීමට ලංකාවට හැකිවිය.
මෙම සමාජවාදී දෘෂ්ඨිය මත පදනම් වු සුභසාධන ක්‍රියාවලිය තුළ ප්‍රධාන ලෙස ජනසතු ව්‍යාපාරයන් බිහිවිය. එහිදී බස් සේවාව හා වරාය සේවාව ජනසතු කරන ලදී. එසේම කම්කරු සුභ සාධන ක්ෂේත්‍රයේහිලා සේවක අර්ථසාධක අරමුදල බිහි කිරීම, ප්‍රථම වරට මැයි දිනය රජයේ නිවාඩු දිනයක් කිරීම, මෙන්ම කම්කරු විනිශ්චය සභා ඇති කිරීමට ප්‍රතිපාදන සැලසීමද කැපී පෙනේ. එසේම ගොවිජන සුභසාධනය උදෙසා අඳ ගොවියාගේ තත්වය ආරක්ෂා කළ කුඹුරු පනත පැනවීම ප්‍රධාන වේ.
මෙම සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියේ තවත් වැදගත් තැනක් ගත්තේ රාජ්‍ය මැදිහත්වීම මත රාජ්‍ය සංස්ථා ආරම්භ කිරීමයි. ඒ යටතේ සීනි සංස්ථාව, පේෂ කර්ම සංස්ථාව, ඛණිජ වැලි සංස්ථාව, පිඟන් සංස්ථාව, කඩදාසි සංස්ථාව, සිමෙන්ති සංස්ථාව හා පරන්තන් රසායන කර්මාන්තය ආදි රාජ්‍ය සංස්ථා හතක් මූලික වශයෙන් ආරම්භ විය.
මේ යටතේ ආරම්භ කොට ක්‍රියාත්මක කළ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තිය පසුකාලීන ශ්‍රී ලංකාවේ සුභ සාධන සේවා පුළුල් වීමට හේතුවිය.